මෙරට නිෂ්පාදිත කරවල හා උම්බලකඩ අපනයනය ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එලෙස පළමු වරට කරවල අපනයනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාව හා කොරියාවටයි.
ඒ අනුව නව තාක්ෂණය භාවිතා කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000කින් යුත් පළමු කන්ටේනරය ඔස්ට්‍රේලියාවට හා කොරියාවට අපනයනය කර තිබෙනවා.
තංගල්ල – පහජ්ජාව ප්‍රදේශයේ පිහිටි මෙගාෆිෂ් කරවල හා උම්බලකඩ නිෂ්පාදනායතනය විසිනුයි මෙම කරවල හා උම්බලකඩ පළමු කන්ටේනරය අපනයනය සිදු කර ඇත්තේ.