27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ නිවසකින් අත් බෝම්බයක් හමුවෙයි

යාපනයේ නිවසකින් අත් බෝම්බයක් හමුවෙයි

යාපනයේ නිවසක තිබී පොලීසිය විසින් අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

යාපනයේ පළාත් කීපයක මංකොල්ල කෑම්වලට සම්බන්ධ පුද්ගලයෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදීයි ඔහුගේ නිවසේ තිබී මෙම අත් බෝම්බය හමුව ඇත්තේ.

යාපනයේ මාදගල් ප්‍රදේශයේ සිදු වූ හොරකමකට ඔහු සම්බන්ධ බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසියේ ඔහුගේ නිවස පරීක්ෂා කර තිබෙනවා.

ඒ අවස්ථාවේදී නිවසේ ගෝනි ගොඩක සගවා තිබූ අත් බෝම්බය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. අත්බෝම්බය සමග එම සැකකරුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුව මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.