29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයේ වියදම් තවත් සීමා කරමින් නව චක්‍රලේඛයක්

රජයේ වියදම් තවත් සීමා කරමින් නව චක්‍රලේඛයක්

රජයේ ආයතනවල වියදම් තවදුරටත් සීමා කරන ලෙස සඳහන් කරමින් භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය රජයේ ආයතන ප්‍රධානීන්ට යොමු කර ඇති අතර එහි දැක්වෙන්නේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, වෙනත් දීමනා සහ ගමන් වියදම් වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාව තුළ පමණක් වැය කළ යුතු බවයි.

එමෙන්ම විදුලිය, ජලය, දුරකතන සේවා, ඉන්ධන සහ ගිවිසුම්ගත සේවාවන් සඳහා වන වියදම් අවම කිරීමට වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ලිපි ද්‍රව්‍ය හා අනෙකුත් කාර්යාල අවශ්‍යතා මිලදී ගැනීමේදී දැඩි පාලනයකට යටත් කළ යුතු බවති එහි දක්වා තිබෙනවා.

නිල වාහන හිමි නිලධාරීන්ට වාහන අනුයුක්ත කිරීමේදී එය සංචිතයේ ඇති වාහන ඇණිය තුළ කළමනාකරණය කරගත යුතු බවත් පුහුණු වැඩමුළු පැවැත්වීමේදී අධික ලෙස වියදම් දරමින් හෝටල් සම්මන්ත්‍රණ ශාලා භාවිතා නොකළ යුතු අතර රජයේ ආයතන සතු සම්මන්ත්‍රණ ශාලා ඒ සඳහා භාවිතා කළ යුතු වනවා.

විදේශීය අනුග්‍රාහක ආයතන පූර්ණ පිරිවැය දරන්නේ නම් මිස විදේශ අධ්‍යයන පුහුණු සාකච්ඡා සම්මන්ත්‍රණ සංචාර සඳහා නිලධාරීන් සම්බන්ධ නොකළ යුතු බවත් විදේශ ණය මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල අරමුදල් වියදම් ලෙස දරමින් විදේශ සංචාර සඳහා රජයේ නිලධාරින් සහභාගි නොකළ යුතු බවත් චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙනවා.

භාණ්ඩාගාරයේ පූර්ණ අනුමැතිය නොමැතිව රජයේ අවශ්‍යතා සඳහා ගොඩනැගිලි කුලියට ගැනීම නොකළ යුතු අතර රජයට අයත් ප්‍රයෝජනයට නොගත් ගොඩනැගිලි ප්‍රශස්ත ලෙස පාවිච්චි කළ යුතු බව දන්වා තිබෙනවා.

ජාතික උත්සව ලෙස වාර්ෂික ඇස්තමේන්තුවල නිශ්චිතව සඳහන් කර ප්‍රතිපාදන වෙන්කර ඇති කාර්යයන් හැර අනෙකුත් උත්සව, සුහද හමුවීම්, ප්‍රදර්ශන, ප්‍රිය සම්භාෂණ, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ආදිය වෙනුවෙන් රජයේ අරමුදල් භාවිතා නොකළ යුතුයි.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා හෝ නව බඳවා ගැනීම් නොකළ යුතු බවත් චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.