― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරට ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වී ඇති මොහොතක තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක්

රට ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වී ඇති මොහොතක තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක්

වසර දෙකක් පුරා සිදුකළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව ද එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ජනාධිපතිවරයා නිකුත් කළ තෛපොංගල් දින සුබපැතුම් පණිවුඩය පහතින්.

සශ්‍රිකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි. වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණකි.

මීට වසර දහසකට පමණ පෙරාතුව චෝල රජ සමයේදී වසරේ පළමු අස්‌වනු මංගල්‍යය සැමරීම උදෙසා මෙම උත්සවය ඇරඹුණු බව පැවසෙයි. අස්‌වනු සරිකර ගැනීමට ඇප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුති පිදීම මෙම උත්සවයේ අරමුණයි. බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි. එසේම තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සමානාත්මතාවයේ ගරුත්වයයි. එහෙයින් හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් සියලුම ද්‍රවිඩ ජනතාවට සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.”