27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන් මාලයක් කොල්ල කෑ අයෙක් ගුටි කා ජීවිතක්ෂයට

රන් මාලයක් කොල්ල කෑ අයෙක් ගුටි කා ජීවිතක්ෂයට

කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයෙකු, පිරිසක් විසින් අල්ලාගෙන පහර දී තිබෙනවා.

ඔහු පොලිසියට භාරදීමෙන් පසු රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන පානදුර, පිංවල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි.

මෙම පුද්ගලයා ඊයේ (14) පස්වරුවේ පානදුර නගරයේ දී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ලකා පලායෑමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී පිරිසක් විසින් ඔහුට අල්ලා පහරදී පානදුර දකුණ පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

පොලිසියට භාරදුන් මෙම පුද්ගලයා තරමක් අපහසුවෙන් පසුවීමත් සමඟ පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ එම පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.