― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරබර් පටියෙන් ආ මාරයා දරුවා නොඑන ගමන් යවයි

රබර් පටියෙන් ආ මාරයා දරුවා නොඑන ගමන් යවයි

රබර් පටියකට ගෙල සිරවීමෙන් කලවාන, පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ පවුලේ එකම දරුවා වන කන්කානම්ලාගේ ගගන නමැති දරුවෙක් බවයි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම දරුවා යකඩ මිටි, බෝර යකඩ කූරුවලට රබර් පටි ගැටගසා කැරකවීම කුඩා කාලයේ සිටම විනෝදාංශයක් සේ කර ඇති බවත් පෙරේදා (13) දිනයේදීද ඔහු නිවසේ සිටියදී ගල් කැඩීමට යොදාගන්නා බෝර කූරක රබර් පටියක් ගැටගසා කරකවමින් සිට ඇති බවත්ට.

මෙම අවස්ථාවේ මාපියන් නිවසේ නිදාගෙන සිට ඇති අතර දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී යකඩ කූර හිසේ වැදී රබර් පටිය ගෙලේ සිරවී තිබෙනවා.

දරුවා පැය භාගයකට වැඩි කාලයක් මිදුලේ වැටී සිට ඇති අතර මාපියන්ද මොහු ගැන දැනගෙන ඇත්තේ අසල්වාසී දරුවකු කළ දැනුම්දීමකින් පසුවයි.

නිවැසියන් විසින් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවා පොතුපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. කෙසේනමුත් එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා කලවාන රෝහල වෙත මාරු කර යවමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මාපියන්ගේ නොසැලකිල්ල මෙම මරණයට හේතු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.