27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක ආර්ථික සමුළුව අද ඇරඹෙයි

ලෝක ආර්ථික සමුළුව අද ඇරඹෙයි

ලෝක ආර්ථික සමුළුව අද (15) ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී ආරම්භ වීමට නියමිතයි.

එම සමුළුව සඳහා එක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (13) දිනයේ ස්විට්සර්ලන්ත බලා පිටත්ව ගියා.

මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතයි.

දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේ දී ලෝකයේ ප්‍රධාන රටවල සහභාගීතත්වයෙන් ලෝක ආර්ථික සංසදය පවත්වනු ලබනවා.

මේ අතර ජනපතිවරයා ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දේශනයට ද පැවැත්වීමට නියමිතයි.