29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි බිල 3.3% කින් අඩු කිරීමේ යෝජනාවක්

විදුලි බිල 3.3% කින් අඩු කිරීමේ යෝජනාවක්

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට 3.3 ක් වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයකින් පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පවසනවා.

විදුලිබල මණ්ඩලය මෙම වසරේ රුපියල් කෝටි 71,000 ආදායමක් ලබා රුපියල් කෝටි 2,300 ලාභයක් ලැබීමට සූදානම් වන බවත් එම මණ්ඩලය පසුගිය මස තුනේ ලැබූ රුපියල් කෝටි 6,000 කට වැඩි ආදායම පිළිබඳව කතා නොකරන බවත් සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 13,500 ක් හංගාගෙන මහජනතාවට නොදී සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

විදුලි ඒකක 0-30 අතර පාරිභොගිකයාගේ ගාස්තු රුපියලකින් ද, ඔවුන්ගේ මාසික බිල්පත් ගාස්තුව රුපියල් 25 ක් පමණක් අඩු කිරීමට යෝජනා කර ඇති බවත් විදුලි ඒකක 31 සිට 60 දක්වා විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 3 කින් සහ මාසික බිල්පත් ගාස්තුව රුපියල් 30 කින් පමණක් අඩු කිරීමට යෝජනා කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.