32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසරුංගල් නූලක් නිසා කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

සරුංගල් නූලක් නිසා කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

සරුංගල් නූලකට ගෙළ කැපී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත සිදුවීමක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

මධ්‍ය ප්‍රදේශ්හි ධාර් නගරයේදී වයස අවුරුදු 07ක කුඩා දරුවෙක් ඊයේ (14) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම දරුවා සිය පියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී සරුංගලයක් ගැට ගැසූ නූලක ඔහුගේ ගෙළ පැටලී ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරෙන් දරුවාගේ ගෙළ දරුණු ලෙස කැපීමකට ලක්ව ඇති අතර එහිදී දරුවාගේ පියා විසින් දරුවා වහාම අසළ පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

එම රෝහලෙන් දරුවාව දිස්ත්‍රික් රෝහලක් වෙත මාරුකර යවා තිබෙනවා.
කෙසේ වෙතත් දරුවා එම රෝහල වෙත ඇතුළත් කරන විටත් අවාසනාවන්ත ලෙස මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.

සරුංගලය ගැට ගසා තිබූ ‘මංජා’ නමින් හඳුන්වන චීන නූලකින් මෙලෙස දරුවාගේ ගෙළ කැපී ඇති අතර මෙම නූල් වර්ගය තහනම් කිරීමේ ව්‍යාපාරයක් පසුගිය කාලය තුළ ධාර් ප්‍රදේශයේ ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් ඇතැම් පිරිස් මෙම නූල් වර්ගය භාවිත කරන අතර එය ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව නගර පොලිස් අධිකාරී රවීන්ද්‍ර වස්කල් පැවසුවා.