28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsA4 බණ්ඩලයක් අල්ලස් ලෙස ගත් කොස්තාපල්ගේ වැඩ තහනම්

A4 බණ්ඩලයක් අල්ලස් ලෙස ගත් කොස්තාපල්ගේ වැඩ තහනම්

කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් නිලධාරියෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුරුණෑගල කොට්ඨාස 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (14) කටයුතු කර තිබෙනවා.

පොල්ගහවෙල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියදුරෙකුගේයි මෙලෙස සේවය තහනම් කර ඇත්තේ.

පසුගිය 02 වැනිදා අලුයම කුරුණෑගල – කො‍ළඹ මාර්ගයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොල්ගහවෙල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ මෝටර් රථයක් අංක තහඩු පහන් නොමැතිව ධාවනය කිරීමේ වරදට එම රථය නවත්වා පොලිස් නිලධාරීන් විසින් අවවාද කර ඇති බව සඳහන්.

අනතුරුව මෝටර් රථයේ පවතින වරද නිවැරදි කර ගෙන ගෙනවිත් පෙන්වන ලෙස දැනුම් දී රියදුරුගේ බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කුරුණෑගල – උඩවල්පොල ප්‍රදේශයේ පදිංචි එම රියදුරා තමන්ගේ වාහනයේ වරද නිවැරදි කරගෙන ඊයේ (14) සවස පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී රථවාහන අංශයේ රැඳී සිට ඇති කොස්තාපල්වරයෙක් වාහනයේ වරද නිවැරදි කර ඇත්දැයි තහවුරු කර නොගෙන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා A4 කඩදාසි බණ්ඩලයක් ගෙනවිත් දෙන ලෙස පවසා තිබෙනවා.

අනතුරුව අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව වයඹ පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස අංක 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.