31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF නියෝජිතයන් උතුරේ සංචාරයක

IMF නියෝජිතයන් උතුරේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී ඔවුන් උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් හමු වී ඇති අතර උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇත.

උතුරු පළාතේ ජීවත්වන ජනතාව ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය, ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදී ආණ්ඩුකාරවරිය පවසා ඇත්තේ උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඔවුන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම සඳහාත් රජය මේ වන විට සැලසුම්ගත වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවයි.