28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවලෝකිතේෂ්වර අද අධිකරණයට

අවලෝකිතේෂ්වර අද අධිකරණයට

අත්අඩංගුවට ගැනුණු අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් පෙනී සිටිමින් බුදු දහමට නිගා වන ආකාරයේ දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාව ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත්අඩංගුවට ගැනුණා.

බලන්ගොඩ කාශ්‍යප හිමියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා ඔහු නවාතැන් ගෙන සිටි බව කියන කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන ආ අතර එහිදී සැකකරු පාවිච්චි කළ බව කියන ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් භාරයට ගැනුණා.

මේ අතර මොහු රැඳී සිටි නිවස ඕස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. එම නිවස තුළ පසුගිය දින කිහිපයේ දීම අලුයම් කාලය වනතුරු දේශන පැවති බව ප්‍රදේශවාසීන් විසින් පවසා තිබෙනවා.

ඒ සඳහා රැවුල සහ කොණ්ඩ වැවූ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවත් ප්‍රදේශවාසීන් පොලිසියට පවසා ඇති බව සඳහන්.