23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා රනිල්

ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා රනිල්

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ හා ගම්පහ පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පල පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවයි.

මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තව තවත් අගාධයට ඇද වැටීම බවයි.