26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇඳුම් සොරාගත් මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

ඇඳුම් සොරාගත් මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

වෙළඳසැලකින් ඇඳුම් සොරකම් කිරීමේ චෝදනා ලබා සිටින නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක් වන ගොල්රීස් ග්‍රහමාන් නැමැති තැනැත්තියක් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීඉවරිය පවසා ඇත්තේ දැඩි මානසික ආතතියත් සමඟ තමන් මෙම සොරකම සඳහා පෙළඹුණු බවයි.

මෙම ක්‍රියාවට තමන්ට සමාව දීමට උත්සාහ නොකරන බවත් නමුත් එය පැහැදිලි කිරීමට අවශ්‍ය බවත් ඇය එම නිවේදනයේ දක්වා තිබෙනවා.

ඉරානයේ උපත ලබා ඇති ගොල්රීස් ග්‍රහමාන් කුඩා කාලයේ සරණාගතභාවය පතා දෙමව්පියන් සමඟ කුඩා කාලයේ නවසීලන්තයට සංක්‍රමණය වී ඇති බව සඳහන්.

මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන ඇය 2017 වසරේ දී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. නීතිය හැදෑරීමෙන් පසු ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නීතිඥවරියක් වූ අතර 2017 දී පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරණවල කටයුතු කර තිබෙනවා.

ඕක්ලන්ඩ් නුවර සුඛෝපභෝගී වෙළෙඳසැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අවස්ථාවේදීම ඇය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.