28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකන්දකාඩු සිද්ධිය ගැන සොයන්න කමිටුවක්

කන්දකාඩු සිද්ධිය ගැන සොයන්න කමිටුවක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසිනුයි එම පංච පුද්ගල පරීක්ෂණ කමිටුව පත්කර ඇත්තේ.

අදාළ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා මෙම කමිටුව පත්කර තිබෙනවා.

එම පංච පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා පත්කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හා නිර්දේශය ඇතුළත් වාර්තාව සති 03ක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

එම්.එස්.පී. සූරියාප්පෙරුම – අතිරේක ලේකම් (පාලන හා පොලිස්) මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආර්.එස්. හපු ගස්වත්ත – අතිරේක ලේකම් (පාලන) අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, පියුමන්ති පීරිස් – අතිරේක ලේකම් (නීති) අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ඩී. එම් සමන් දිසානායක – අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය යන අය එම පංච පුද්ගල කමිටුවේ සාමාජිකයින් වනවා.