27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැරට් කිලෝවක් රුපියල් 2000ට නගී

කැරට් කිලෝවක් රුපියල් 2000ට නගී

මේ දිනවල එළවළු මිල බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (16) දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක මිල සටහන් වී තිබුණේ රුපියල් 1750ත් 2000ත් අතර මිලකයි.

බීට් රූට් කිලෝවක් රුපියල් 650-700 අතර මිලකට අලෙවි වූ අතර ගෝවා කිලෝවක් රුපියල් 500-680ත් අතර මිලකට අලෙවි වූ බවයි තොග වෙළෙන්ඳන් පවසන්නේ.

එමෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 850කටත්, මාළු මිරිස් රුපියල් 850ත් 1000 අතර මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මිලකටත් මෑකරල් කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මුදලකට හා ලීක්ස් කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මුදලකටත් අලෙවි වී තිබෙනවා.