30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ ජාතික රෝහලේ ස්ටෙන්ට් හිඟයක්

කොළඹ ජාතික රෝහලේ ස්ටෙන්ට් හිඟයක්

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent) හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ මෙම ස්ටෙන්ට් හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.

කෙසේනමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සඳහන් කළේ ස්ටෙන්ට්වල මේ වනවිට යම් හිඟයක් පවතින අතර ඒවා ගෙන්වීමට ඇණවුම් කර ඇති බවයි.