― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsත්‍රිරෝද රථවලට QR කේතයක්

ත්‍රිරෝද රථවලට QR කේතයක්

දැනට ත්‍රීරෝද රථ රියදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස් කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුළ නව කේතයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ ‘ගරු සරු’ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවා ඇත.

එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.