31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලියන 13ක කේරළ ගංජා යාපනයේ කැළෑවක

මිලියන 13ක කේරළ ගංජා යාපනයේ කැළෑවක

යාපනයේ කැළෑවක තිබී මිලියන 13 ක් වටිනා කේරළ ගංජා කිලෝ 34 ක් සොයාගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ළඳු කැලෑවක සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති බවයි.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.