29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයාපනයෙන් හමු වූ අත්බෝම්බය ගැන විමර්ශනයක්

යාපනයෙන් හමු වූ අත්බෝම්බය ගැන විමර්ශනයක්

යාපනයේදී අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් තරුණයාට එම අත්බෝම්බය ලබා දුන්නේ හමුදා සෙබළෙකු බව එම තරුණයා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

යාපනය පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් තරුණයා පොලිස් ස්ථානයේ රඳවාගෙන පරීක්ෂණ සිදුකිරීමේදී ඔහු විවිධ සොරකම්වලට සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා.

අත්බෝම්බය යුද හමුදා සෙබළෙකු විසින් තමාට ලබා දුන් බවයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

ඒ අනුව එම තරුණයාගෙන් සොර භාණ්ඩ මිලදී ගැනීමේ චෝදනාව මත චාවකච්චේරි ප්‍රදේශයේ තවත් තරුණයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් තරුණයා සතුව තිබී සොරකම් කළ බවට සැක කෙරෙන ඉලෙක්ට්‍රොනික උපකරණ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය ඔවුන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවේ රඳවාගෙන විමර්ශන කටයුතු කරගෙන ගොස් ඇති අතර මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.