32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුක්තියේ දැලට 877 දෙනෙක් හසුවෙයි

යුක්තියේ දැලට 877 දෙනෙක් හසුවෙයි

ඊයේ (15) දින 12.30 සිට අද (16) අලුයම 12.30 දක්වා කාලය තුළ පොලිසිය සිදුකළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 04ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28ක් ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 475ක්, අයිස් ග්‍රෑම් 501ක්, ගංජා කිලෝ 07යි ග්‍රෑම් 900ක්, ගංජා පැල 3605ක්, මාවා ග්‍රෑම් 305ක්, මදන මෝදක ග්‍රෑම් 137ක් සහ මත්පෙති 126ක් ද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාවීමව ඊයේ (15) දිනයේදී රථ වාහන මෙහෙයුම්ද සිදු කළ බව පොලිසිය සඳහන් කළා.

එහිදී බස් රථ 729ක් පරීක්ෂා කර ඇති අතර වෙනත් වාහන 729ක් ද පරීක්ෂා කර තිබෙනවා.

මෙම පරීක්ෂා කිරීම්වලදී මත්ද්‍රව්‍ය, මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙක් සහ සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත බව පොලිසිය පැවසුවා.

රථවාහන මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 738ක් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් 166ක් එක්ව තිබෙනවා.