29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳුගෙන් සැර ප්‍රකාශයක්

වනිඳුගෙන් සැර ප්‍රකාශයක්

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තමන් අකැමති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසනවා.

වනිඳු මෙම අදහස් පළ කළේ ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නායකයෙක් විදිහට සහ කණ්ඩායමක් විදිහට අපි බලන්නේ තව මාස 05කින් තියෙන T20 ලෝක කුසලානය ජයග්‍රහණය කරන එක ඉතින් ඒක තමයි අපේ පළවෙනි ටාගට් එක වෙලා තියෙන්නේ. අපිට තව තරග 8ක් වගේ පොඩි තරග සංඛ්‍යාවක් තියෙන්නේ T20 ලෝක කුසලානයට යනකොට.

සමාජ මධ්‍යයේ යන ඒවට මම උත්තර දෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් retire වුණ ක්‍රීඩකයෙක් නෙමයි. ඇන්ජලෝ මැතිව්ස් වගේ ක්‍රීඩකයෙක්ගේ අත්දැකීම් අපි දැක්කා. එයා කොහොමද ලේසියෙන් තරගයක් ඉවර වෙනතුරු බැට් කරේ කියලා. ආරාධනා කරන්න එයා retire වෙලා නැහැ.