26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර මිලියන 70ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් හමුවෙයි

වසර මිලියන 70ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් හමුවෙයි

වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියා University of New England හි ආචාර්ය උපාධිය හදාරන නාදන් එන්රික්ස් දායක වී තිබේ.

මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ වසර මිලියන 70 ක් පමණ පැරණි ෆොසිලයක් සොයා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වූ අතර එය නෙමටොසෝරස් විශේෂයට අයත් බව වාර්තා වේ.

නෙමටොසෝරස් ෆොසිලයක් මීට පෙර සොයාගෙන තිබුණේ 1970 ගණන්වලදී පෝලන්ත කණ්ඩායමක් විසිනි. මෙම ඇටකටු මොන්ගෝලියානු පාෂාණ විද්‍යා මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර ඉදිරි වසරවලදී ඒවා අධ්‍යයනය කිරීමට නියමිතය.

ඩයිනෝසර ෆොසිල විශාල වශයෙන් තැන්පත්ව තිබෙන ගෝබි කාන්තාරයේ කැණීම්වලට එක්වීමට හැකිවීම ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් බව නාදන් එන්රික්ස් පවසයි.

මොවුන්ගේ කණ්ඩායම ඩයිනොසෝරයාගේ වළලුකර, කකුල, පැටවා සහ ඇඟිලිවල අස්ථි කැණීමට සමත්ව තිබෙනවා.