― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවාහන 30ක් ආනයනයට විශේෂ අවසරයක්

වාහන 30ක් ආනයනයට විශේෂ අවසරයක්

රාජ්‍ය ආයතන හතරකට පමණක් අදාළ වන ලෙස විවිධ මෝටර් රථ 30 ක් ආනයනය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දී තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

මෙම වාහන ආනයනය සඳහා මෝටර් වාහන ආනයනයේදී බලපාන අනෙකුත් සියලු නීති රීති සහ රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අවසරය ලබා දෙන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට බස් රථ දෙකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම මාතෘ ඒකක වාහන තුනක් සහ ඩබල් කැබ් රථ 21 ක්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට එස්.යූ.වී රථ එකක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයට පිරිමැසුම් පංතියේ රැම්ප් රථ තුනක් වශයෙන් මෙම වාහන ආනයනයට අවසරය ලබා දී තිබෙනවා.