― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව අද (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සංගම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) දහවල් 12.00ට පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දෙන අතර එම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ද දැනුම්දීමක් කර තිබෙනවා.

සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට රුපියල් 35,000ක දීමනාවක් ලබා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම එකාබද්ධ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.

මේ අතර වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව දින කිහිපයක් සිදුකළ වර්ජන ක්‍රියාමාර්ගය පසුගිය 12 වනදා අවසන් වුණා.