31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News‍පළමු දින 15දී සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

‍පළමු දින 15දී සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

2024 පළමු දින 15 තුළදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක දක්වා ඇත්තේ 2024 වසරේ ජනවාරි 15 දක්වා කාල පරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,362 ක් බවයි.

මෙම කාලයේදී මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි 15 වැනිදා වන අතර එම සංඛ්‍යාව 8,541කි.

වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර 16,263 ක් ලෙසයි එම සංඛ්‍යාව දැක්වෙන්නේ.

මීට අමතරව ඉන්දියාවෙන් සංචාරකයින් 15,324ක්, එක්සත් රාජධානියෙන් 7,741 ක්, ජර්මනියෙන් 7,297ක්, ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.