― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentරිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට

මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (16) මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කුරුක්ලමඩම් ගම්මානයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරෙන් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මඩකලපුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ කලුවාන්චිගුඩි දෙසින් මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ මණ්ඩූර් ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.