28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා - ජනපති

ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා – ජනපති

ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට එක්වෙමිනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

ස්විස්ටර්ලන්තයේදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබෙනවා.

2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.