― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහරක් කටා පිටතට රැගෙන යන්න අධිකරණ අවසරය අනිවාර්යයි

හරක් කටා පිටතට රැගෙන යන්න අධිකරණ අවසරය අනිවාර්යයි

අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බව අභියාචනාධිකරණය විසින් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

හරක් කටාගේ පියා වන නෙල්සන් වික්‍රමරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා හරක් කටා දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම් ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් අවසර ලබා ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

දැනට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාට පනවා තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා නමැත්තාගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.