ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී දෙරට අතර අන්‍යෝන්‍ය ආර්ථික හවුල්කාරිත්වයන් වර්ධනය සහ ඉහළ නැංවීම අරමුණු කරගත් සහයෝගීතා වලට මුලපිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවද එහිදී අවධානය යොමු කර තිබෙනවා.