30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෘෂිකාර්මික අංශ නවීකරණයට ඩ්‍රෝන යානා 100ක්

කෘෂිකාර්මික අංශ නවීකරණයට ඩ්‍රෝන යානා 100ක්

කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා ඩ්‍රෝන යානා 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) භාර දීම කෘෂි අංශ නිපුණතා සභාව විසින් භාරදීමක් සිදුවිය.

කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙම ඩ්‍රෝන යානා භාර දීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් සිදුවිය.

වී, බඩඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝගවලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකි අතර එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් නිපුණතා සභාව විසින් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

එක් ඩ්‍රෝන යානාවක් උපයෝගී කර ගැනීම මගින් පැයකට හෙක්ටයාර් 16ක කෘමිනාශක හෝ වල්නාශක යෙදිය හැකියි. වී වැපිරීම සඳහා ද මෙම තාක්ෂණය භාවිත කිරීමට හැකියාව ඇති බවයි පැවසෙන්නේ.

කෘෂි අංශ නවීකරණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ කෘෂි අංශ නිපුණතා සභාව විසින් ලබා දෙන මෙම ඩ්‍රෝන යානා සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබා දීමට පියවර ගන්නා බවයි මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

අද (17) භාර දෙන ලද ඩ්‍රෝන යානාවල මුළු වටිනාකම රුපියල් මිලියන 250ක්.

මෙම ඩ්‍රෝන යානා 100 කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර වැනි සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට නියමිතයි.