23 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් මගියෙක් ගමනාන්තය දක්වා වැසිකිළියේ සිරවෙයි

ගුවන් මගියෙක් ගමනාන්තය දක්වා වැසිකිළියේ සිරවෙයි

ගුවන් මගියෙක් සිය ගමනාන්තය දක්වා ගුවන්යානයේ වැසිකිළියක් තුළ ගමන් කිරීමේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඉන්දියාවේ මුම්බායි සිට බැංගලෝර් දක්වා ගමන් කළ ස්පයිස් ජෙට් ගුවන්යානයක් තුළ මෙම සිදුවීම ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය ගුවන්ගත කිරීමෙන් අනතුරුව අදාළ ගුවන් මගියා වැසිකිළිය වෙත ගොස් ඇති අතර එහිදී එහි දොරෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අගුලු වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ගුවන් මගියා එතැන් සිට ගුවන්යානය බැංගලෝර් වෙත ගොඩබැස්වීම දක්වා එහි සිර වී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම අවස්ථාවේදී ඔහුට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ගුවන් කාර්ය මණ්ඩලය මගියා සම්බන්ධයෙන් අධීක්ෂණයෙන් සිට ඇති අතර ගුවන්යානය බැංගලෝර් වෙත ගොඩබැස්වීමෙන් අනතුරුව එහි පැමිණ ඉංජිනේරුවෙකු විසින් අගුලු වැටී තිබූ දොර විවෘත කර එම මගියා මුදාගෙන තිබෙනවා.

වැසිකිලියෙන් මුදාගත් මගියාට කඩිනමින් අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.