― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජනපති සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්

ජනපති සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක් සිදුව තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුරදී මෙම හමුව සිදුව ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා සිය X ගිණුමෙහි මේ බව සටහනක් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ඇය නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එසේම​ විස්තීර්ණ ණය අරමුදලට අදාළ පළමු සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම ප්‍රතිසංස්කරණවල වැදගත්කමට ප්‍රතිචාර වශයෙන් බවයි ඇය සඳහන් කරන්නේ.