29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු වැළඳී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

ඩෙංගු වැළඳී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

විශ්වවිද්‍යාල සිසුවියක් ඩෙංගු රෝගය වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෝරුව දණ්ඩ, මාපුටුගල, මානෙල් උයන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි ශිෂ්‍යයාවකි.

ඇය ඩෙංගු රෝගය උත්සන්න වීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පසුගිය 05 වැනිදා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණු ඇය රෝගය උත්සන්න වීම හේතුවෙන් 11 වැනිදා දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ඊයේ අලුයම මිය ගොස් තිබෙනවා.

තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වහනය වීම සමගම ඇති වූ සංකුලතාමත සිදුවූ මරණක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.