28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්ද සිල්වාගේ පොදු සමාව බල රහිත කරන්නැයි නියෝග

දුමින්ද සිල්වාගේ පොදු සමාව බල රහිත කරන්නැයි නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබා දුන් පොදු සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ මව සහ නීතිඥ ගසාලි හුසේන් යන තිදෙනා විසින් ගොනු කරනු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දෙමිනුයි අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනයට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණි.

එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මහාධිකරණ තීන්දුව නැවත තහවුරු කර තිබෙනවා.

කෙසේනමුත් 2019 වසරේ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ විසින් විත්තිකරුවන් 05 දෙනා අතර සිටි දුමින්ද සිල්වාට පමණක් ජනාධිපති පොදු සමාව ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුවයි එම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ඉදිරිපත් කෙරුණේ.

ප්‍රීති පද්මන් සුරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද සිදු කළ අතර විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණය වී තිබුණේ දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවයි.