― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපැට්ටාට වෙඩි තැබීමට ආ යතුරුපැදිය හමුවෙයි

පැට්ටාට වෙඩි තැබීමට ආ යතුරුපැදිය හමුවෙයි

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේදී බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට ඔහුව පැහැරගෙන ගිය යතුරුපැදිය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (16) නවගමුව පොලිස් වසමේ සේදවත්ත කළු පාලම අසල දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම යතුරුපැදිය එම බලකාය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස හඳුන්වමින් පසුගිය 10 වැනිදා නවගමුව පොලිස් වසමේ අංක 55/54/01, ගලබඩවත්ත, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පිහිටි නිවසට පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ එහි පදිංචිව සිටි බුද්ධික ප්‍රසාද් නොහොත් ‘පැට්ටා’ නැමැති පුද්ගලයාව පැහැරගෙන ගොස් තිබුණා.

පසුව එම පුද්ගලයාව කොරතොට, වැලිහිංතුඩුව, මහවෙල පාලම අසළදී වෙඩි තබා සැකකරුවන් පළාගොස් තිබූ බවයි අනාවරණය වුණේ.

එහිදී බරපතළ තුවාල ලබා සිටි ‘පැට්ටා’ නැමැති පුද්ගලයා අතුරුගිරිය රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් තිබුණා.