31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගලෙන්බිදුණුවැව දූෂණ මර්ධන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් යකල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී, මත්පෙති තොගයක් අලෙවියට සූදානම් කර සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පෙති සමග අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ තරුණයින් හා පාසල් දරුවන් ඉලක්ක කරගෙන එක් පෙත්තක් රුපියල් 250 කට අලෙවිකරන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මත්පෙති ජාවාරම සිදු කරන බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අමුණුවැටිය – මුරියාකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු හා මත්පෙති තොගය අද (17) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.