26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ හෙද නිලධාරීන් අද වර්ජනයක

රජයේ හෙද නිලධාරීන් අද වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට පැය 24ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (16) පැවති සාකච්ඡාවේදී බලාපොරොත්තු වූ යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ඊයේ (16) පෙරවරුවේ ආරම්භ කළ ඒකාබද්ධ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනාවට යහපත් ප්‍රතිචාර නොලැබුන හොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය මෙම වර්ජනය ඊයේ (16) පෙරවරු 6.30ට ආරම්භ කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින්.