29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ සමාගම ගැන රජයෙන් තීරණයක්

ලිට්‍රෝ සමාගම ගැන රජයෙන් තීරණයක්

රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට තීරණය කර තිබෙනවා.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට අනුව මෙම ක්‍රියාවලිය 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදුවීමට නියමිතය.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි සියයට 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ සියයට 100% ක කොටස් හිමිකාරීත්වය රජය සතුව වේ.

ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16 වන දින පස්වරු 02.00 වන අතර කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරා ගැනීම මාර්තු මස මුලදී සිදු කෙරෙන බව රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පැවසීය.

ඒ අනුව ලංසු ඇගයීම සහ සාර්ථක ලංසුකරුවෙකු තෝරා ගැනීම 2024 ජුනි මැද භාගයේදී සැලසුම් කර තිබේ.