27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් රැකියා පෙන්වා මුදල් ගරන අයට නීතිය තදින්

විදෙස් රැකියා පෙන්වා මුදල් ගරන අයට නීතිය තදින්

විදේශ රැකියාවක් සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට තම ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර ඔවුන්ගේ වලංගුභාවය පරීක්ෂා කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය කාලය තුළ විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධින් රැසක් වාර්තා වූ බවත් එවැනි විදෙස් රැකියා වංචාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඔවුන්ගේ බලපත්‍රය සහ රැකියා ඇණවුම් සම්බන්ධයෙන් කාර්යාංශයේ වෙබ් අඩවියෙන් හෝ 1989 අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.