― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsසෞදි රජයෙන් ගෘහ සේවය ගැන විශේෂ තීරණයක්

සෞදි රජයෙන් ගෘහ සේවය ගැන විශේෂ තීරණයක්

ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව පිලිපීනය සඳහා සෞදි රියාල් 15,900 සිට 14,700 දක්වා, ශ්‍රී ලංකාව සඳහා සෞදි රියාල් 15,000 සිට 13,800 දක්වා, බංග්ලාදේශය සඳහා සෞදි රියාල් 13,000 සිට 11,750 දක්වා, කෙන්යාව සඳහා සෞදි රියාල් 10,870 සිට 9,000 දක්වා, උගන්ඩාව සඳහා සෞදි රියාල් 9,500 සිට 8,300 දක්වා සහ ඉතියෝපියාව සඳහා සෞදි රියාල් 6,900 සිට 5,900 දක්වා බඳවා ගැනීමේ ගාස්තු පහළ දමා තිබෙනවා.