― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදුමින්ද සිල්වා ජ'පුර රෝහලට

දුමින්ද සිල්වා ජ’පුර රෝහලට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් මත ඔහු ජයවර්ධනපුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා යම් කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි.

කෙසේනමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීන්දු කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කරන බවයි.