31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩුනුවර ගෙවත්තකින් අත් බෝම්බයක් හමුවෙයි

උඩුනුවර ගෙවත්තකින් අත් බෝම්බයක් හමුවෙයි

උඩුනුවර, වෙලම්බොඩ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නිවසක ගෙවත්තේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙලම්බොඩ, අඹගස්තැන්නේ නිවසක ගෙවත්ත සුද්ද පවිත්‍ර කිරීමට යාමේදී නිවැසියන්ට මෙම අත්බෝම්බය හමු වී ඇති බවයි.

ඉන්පසු නිවැසියන් විසින් මේ බව වෙලම්බොඩ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඉන්පසුව මහනුවර කඳවුරේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ජීව අත් බෝම්බය පුපුරා හැරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වෙලම්බොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.