27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කළුතර උතුර පොලීසිය පැවසුවේ මෙම රැඳවියා අද (18) මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

මෙම රැඳවියා අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 වැනිදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි වාට්ටු අංක 03හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මොහු පසුගිය 9 වැනිදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මීට සති දෙකකට පෙරද දින 4ක් තුළදී කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබීම විශේෂත්වයට කරුණකි.