― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකොළඹට විශේෂ මගී බස් රථ සේවාවක්

කොළඹට විශේෂ මගී බස් රථ සේවාවක්

ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ‘කොලොම්පුර චාරිකා’ නමින් විශේෂ මගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරෙකු, කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙක් යොදාගැනීමට නියමිතය.

මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය අපේක්ෂා කරනවා.

ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම බස් රථ සේවාව විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නක් බැවින් ඒ සඳහා ගමනාගමන මණ්ඩලය සතු විනීත, විනයගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් යොදා ගැනීමට නියමිත බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පෙන්වා දෙනවා.