27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ වායු දූෂණය තවත් ඉහළට

කොළඹ වායු දූෂණය තවත් ඉහළට

කොළඹ නගරයේ වායු දූෂණ තත්ත්වය ඊයේ (17) පෙරවරුවේදී බරපතළ ලෙස ඉහළ ගොස් තිබුණා.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව දර්ශකයේ දත්ත අනුව ඊයේ පෙරවරුවේදී කොළඹ නගරයේ කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිත වාතයේ දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 163 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඉන්දියාවේ සිට හමා එන සුළංවල බලපෑම මත මෙරට වායු ගුණාත්මක තත්ත්වය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) අජිත් වීරසුන්දර පැවසීය.

කොළඹ 07 ප්‍රදේශය ආශ්‍රිතව එම අගය 141 ක් ලෙස වාර්තා වී තිබිණි. නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්ත වාර්තා කර තිබුණේ කොළඹ නගරයේ එම අගය 78 ක් ලෙසයි.

එමෙන්ම බදුල්ල, කුරුණෑගල, මහනුවර යන නගර ආශ්‍රිතවද වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රතිශතය ඉහළ ගොස් තිබිණි.