31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපුර සරසවියේ පාගමනකට කඳුළු ගෑස්

ජපුර සරසවියේ පාගමනකට කඳුළු ගෑස්

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලය ආසන්නයේදීම මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මේ අතර විශ්ව විද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලයට සිදුකළ වැටුප් වැඩි කිරීමට සමගාමීව තම වැටුප ද වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා දිවයින පුරා පිහිටි සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල අද පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

වර්තමානයේ විශ්ව විද්‍යාල සේවක ප්‍රජාව මුහුණ පා ඇති වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මෙම සංකේත වැඩ වර්ජනය සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සඳහා රජයේ අවධානය යොමු නොවුනහොත් අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සිදුවන අතර එක් පාර්ශවයකට පමණක් වැටුප් වැඩි කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම විශ්ව විද්‍යාල තුළ ද අනවශ්‍ය ගැටළුවක් ඇති කිරීමට රජය ක්‍රියා කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනයේ සභාපති ජී.කේ. රුවන් කුමාර ප්‍රකාශ කළා.