27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදින 15කදී මෙරටින් ඩෙංගු රෝගීන් 5892ක්

දින 15කදී මෙරටින් ඩෙංගු රෝගීන් 5892ක්

මේ වසරේ ගත වූ දින 15 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 5892 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉන් ඩෙංගු රෝගීන් 1956 දෙනෙක් බස්නාහිර පළාතෙන් හමු වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 1228 ක් වාර්තා වී තිබෙනවා.

කොළඹ නගර සීමාවෙන් පමණක් රෝගීන් 390 ක් හදුනාගෙන ඇති අතර එය සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 6%යි දශම 6%ක ප්‍රතිශතයක් බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ඊයේ (17) දිනයේදී කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කොළඹ පුරහල අවට, බොරැල්ල, කුරුදුවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඩෙංගු පරීක්ෂාවන් සිදු කර තිබෙනවා.