― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

මදුරන්කුලිය පොලීසිය පැවසුවේ ඊයේ (17) රාත්‍රී 09.30ට පමණ මදුරන්කුලිය – විරුතොඩ ප්‍රදේශයේදී විදුලි පහන් නොමැතිව ධාවනය කළ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය – විරුතොඩ පදිංචිව සිටි කලීල් අහමඩ් මෙහිදින් නම් අවුරුදු 15ක පාසල් සිසුවෙකි.

මෙම සිසුවා ගමන්ගත් යතුරුපැදිය ලියාපදිංචි කර නොමැති බවත් අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදියේ විදුලි පහන් ක්‍රියාත්මක වී නොතිබූ බවත් පොලීසිය පවසනවා.

තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළු කරන අතරතුරදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.