30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 943ක් අල්ලයි

යුක්තියෙන් සැකකරුවන් 943ක් අල්ලයි

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273ක් සමගින් මුළු සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 199 g, අයිස් 168 g, ගංජා 2 kg 400 g, ගංජා පැල 2,883 ක්, මාවා 382g, තූල් 45g, මදන මෝදක 141g, මත්පෙති 59 ක් සොයාගෙන ඇත‍.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 09කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර නීතිවිරෝධී වත්කම් විමර්ශන 01 ක්ද ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 25 ක් පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 58 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටිනවා.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.